බටලන්ද ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය අද (ජූලි 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

එහිදී නාවික හමුදාධිපතිතුමා සහ බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති සුහද කථාබහක නිරත වු අතර, එම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.