වැදගත් සිදුවීම්

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 49 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 49 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (ජුලි 10) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි. ඒ සදහා රුපියල් මිලියන 24.5 ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලදි.

10 Jul 2019

නීති විරෝධී කටයුතුවල නිරතවූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය සහ වෙරළ කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා නිරන්තර අවධානයෙන් කටයුතු කරන නාවික හමුදාව නැගෙනහිර නාවික විධානය තුල නීති විරෝධී කටයුතුවල නිරතවූ පුද්ගලයින් 11 දෙනෙකු 2019 ජූලි 09 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

10 Jul 2019

බටලන්ද ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය අද (ජූලි 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

10 Jul 2019

නාවික හමුදාධිපති තුමා විසින් බටහිර නාවික විධානයේ අංශ පිරික්සුම ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ දී පවත්වයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (ජූලි 10) බටහිර නාවික විධානයේ අංශ පිරික්සුම ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ සරඹ පිටියේදී පවත්වන ලදී.

10 Jul 2019