මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු හා සම්බන්ධ බවට සැක කෙරෙන යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අනන්‍යතාවය හෝ ලියාපදිංචිය තහවුරු නොවන ආකාරයට ගාල්ලට ඔබ්බෙන් වූ දකුණු ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අනතුරුව සිදුකල සෝදිසි කිරීමේදී එම ධීවර යාත්‍රාව තුල මත් කුඩු බවට සැක කෙරෙන කිලෝ ග්‍රෑම් 60 ක් පමණ වන ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇත. මෙම සැකකටයුතු යාත්‍රාව මේ වන විට වැඩි දුර පරීක්‍ෂණ කටයුතු සඳහා ගොඩබිම වෙත රැගෙන එමින් සිටී. මේ අතර, 2019 ජූලි 10 වන දින ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුද්ගලයින් සිව්දෙනෙකු (04) සහ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන සාම්පල් සමඟ නාවික හමුදා භාරයට ගත් ශ්‍රී ලංකාවට අයත් බහුදින යාත්‍රාව සහ අද (ජූලි 11) දින නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව අතර, සම්බන්ධයක් තිබිය හැකි බවට නාවික හමුදාව විසින් සැක පළ කෙරේ. කෙසේ නමුත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමඟ සම්බන්ධවී මේ පිළිබඳව වැඩි දුර පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.