ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ඇතුළු දූත පිරිසක් දකුණු නාවික විධාන භාර ආඥාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ඇතුළු දූත පිරිසක් අද (ජුලි 10) දකුණු නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති හමුවිය.

ඒඅනුව, දකුණුනාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල් විසින් ශ්‍රී ලකාවේ බ්‍රිතාන්‍ය ආරක්ෂක උපදේශක, කර්නල් ඩේවිඩ් අස්මන් ඇතුළු දූත පිරිස විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එහිදී ආඥාපති තුමා විසින් දකුණු නාවික විධානයේ කාර්ය භාරය පිළිබඳව මෙම දූත පිරිස දැනුවත් කරන ලදි.

එම අවස්ථාව සනිටුහන් කරමින් ආඥාපතිතුමා විසින් ආරක්‍ෂක උපදේශක වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.