වැදගත් සිදුවීම්

මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු හා සම්බන්ධ බවට සැක කිරීම මත නාවික හමුදා භාරයට ගත් යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන එන ලදී

නාවික හමුදාව විසින් අනන්‍යතාවය හෝ ලියාපදිංචිය තහවුරු නොවන ආකාරයට ගාල්ලට ඔබ්බෙන් වූ දකුණු ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව සහ එහි තිබූ මත් කුඩු බවට සැක කෙරෙන කිලෝ ග්‍රෑම් 60 ක් පමණ වන ද්‍රව්‍ය තොගය සමඟ යාත්‍රාවේ සිටි විදේශිය ජාතිකයින් 09 දෙනා අද සවස කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අනන්‍යතාවය හෝ ලියාපදිංචි තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ මෙම යාත්‍රාව සහ එහි ගමන් ගත් පුද්ගලයින් ගේ අනන්‍යතාව ඉදිරි විමර්ෂණ මඟින් අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වේ.

12 Jul 2019

පුත්තලම නගරයේ ඉඩමක ඇති වූ ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

පුත්තලම නගරයේ ගොඩනැගිලි හා නිවාස වලින් වටවූ අබලි ද්‍රව්‍ය ‍ගොඩගසා තිබූ ඉඩමක 2019 ජූලි 11 වන දින ඇති වූ ගින්නක් අවට ප්‍රදේශයට ව්‍යාප්ත වීමට පෙර මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

12 Jul 2019

කපිතාන්, සංජීව ප්‍රේමරත්න ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) සංජීව ප්‍රේමරත්න අද (ජූලි 12) දින වැඩ භාර ගන්නා ලදී.

12 Jul 2019

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 11 වන දින කල්පිටිය, ශේතවාඩිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ ජාවාරම්කරුවකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

12 Jul 2019

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් සහ ඔවුන්ට අයත් ඩව් යාත්‍රාවක් සමඟ 2019 ජූලි 11 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

12 Jul 2019

මුහුදේදී අනතුරට පත්වූ ධීවරයෙකු නාවික හමුදාව විසින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේ දී අනතුරකට ලක්වී අසාධ්‍ය තත්වයට පත් ධීවරයෙකු 2019 ජූලි 11 වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.

12 Jul 2019