‘Wide Probe on Ghost Ship’ යන සිරස්තලය යටතේ 2019 ජූලි 13 දින සිලෝන් ටූඩේ පුවත්පතේ පළ වූ සාවද්‍ය තොරතුරු ඇතුලත් පුවත නාවික හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි

2019 ජුලි මස 13 වන දින සිලෝන් ටූඩේ පුවත්පතේ ‘Wide probe on ghost ship’ යන සිරස්තලය යටතේ පල වූ පුවත නිවැරදි කරන මෙන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ වෙත නාවික හමුදාව ඉදිරිපත් කල ලිපිය පහත පරිදි දැක්වේ. ඒ අනුව, පුවත්පතේ පල වූ වර්තාව අනුව, එම ලිපිය සම්පාදනය කල මාධ්‍යවේදියා විසින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක විසින් ඉදිරිපත් කළ ප්‍රකාශයක් ලෙස උපුටා දක්වමින් ‘මෙම හඳුනානොගත් යාත්‍රාවේ සිටින විදේශිකයින් ඉන්දියානු හෝ පකිස්ථානු ජාතිකයින් විය හැකිය’ ලෙස වැරදි තොරතුරක් ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව එම සාවද්‍ය තොරතුර තරයේ ප්‍රතික්ෂේප කර සිටි. එසේම එකී සාවද්‍ය ප්‍රකාශය ඇතුලත් පුවත නිවැරදි කරන මෙන් එහි ප්‍රධාන කර්තෘ වෙත මෙම ලිපිය මඟින් දැනුවත් කර ඇත.