හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ජූලි 12 වන දින ත්‍රිකුණාමලය, සල්පේයාරු ප්‍ර‍දේශයේදී හෙරොයින් ග්‍රෑම් 1.630 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ කුච්චවේලි පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, සල්පේයාරු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු පරික්‍ෂා කර ඇති අතර, එහිදී ඔහු ලඟ තිබි හෙරොයින් ග්‍රෑම් 1.630 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. කොළඹ සිට කුච්චවේලි ‍දක්වා මෙම හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස මෙම පුද්ගලයා නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට පත් පුද්ගලයා වයස අවුරුදු 53 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.