නීති විරෝධී මත්පැන් ලිටර් 130 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 13 වන දින පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 130 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 130 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, නීති විරෝධී දේශිය මත්පැන් නිෂ්පාදනය කරමින් සිටියදී මෙලෙස මෙම පුද්ගලයින් නාවික හමුදා භාරයට ගෙන ඇත.

එහිදී, ප්ලාස්ටික් කෑන් 02 ක් සහ මත්පැන් සෑදිම සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 37 ක් සහ 42 ක් වන මදුරන්කුලිය සහ රාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, දේශිය මත්පැන් තොගය සහ අනෙකුත් උපකරණ ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා කෝකිලායි, පොලිසිය වෙත භාර දිමට කටයුතු කෙරුණි.