මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධී දැල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූලි 13 වන දින සිදු කල සෝදිසි කිරීමකදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධී දැල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කලවන්චිකුඩි, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව කාත්තන්කුඩි සහ පුනච්චිමුනායි අතර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා නීති විරෝධි දැල් 42 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. එහිදී අඩි 360 දිගැති දැල් 07 ක්, අඩි 180 දිගැති දැලක්, අඩි 174 දිගැති දැල් 29 ක් සහ අඩි 150 දිගැති දැල් 05 ක් සොයා ගැනීමට සමත් වන ලදී.

නාවික හමුදා භාරයට පත් පුද්ගලයා වයස අවුරුදු 22 වන වියෙහි පසුවන කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ නීති විරෝධී දැල් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කාත්තන්කුඩි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.