නීල හරිත සංග්‍රාමයේ තවත් මෙහෙවරක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් උතුරු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2019 ජූලි 14 වන දින පවත්වන ලදි.

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් සුරක්‍ෂිත කර ගැනීමේ අරමුණින් නිරන්තරයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ අනුව උතුරු නාවික විධානය භාර ආඥාපති ඇතුළු උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගෝඨයිම්බර’, ‘වේළුසුමන’ සහ ‘කංචදේව’ යන ආයතයන්හි නිලධාරින් හා නාවිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. ඒ සඳහා 07 වන ගැමුණු බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසින් විශාල පිරිසක් සිය දායකත්වය සපයන ලදී.

ඒ අනුව කයිට්ස්, චාඩි වෙරළ තීරය මෙලෙස පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලද අතර, එහිදී වෙරළ තීරයෙහි විසිරී තිබූ ප්ලාස්ටික් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

තවද, සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි. එමෙන්ම සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.