කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදාව බේරා ගැනේ

කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට නාවික හමුදාව 2019 ජූලි 14 වන දින සමත් වන ලදී.

ඒ අනුව, මෙම පුද්ගලයින් කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දිය නෑම සඳහා මුහුදට බැස ඇති අතර, එහිදී දියේ ගිලෙන බව නිරීක්‍ෂණය කළ ප්‍රදේශවාසින් පිරිසක් වෙරළ තීරයේ ජිවිතාරක්‍ෂක රාජකාරියෙහි නියුතු නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක නාවිකයින් දැනුවත් කර ඇත.

එහිදී, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික පුද්ගලයින් දියේ ගිලෙමින් සිටි මෙම පුද්ගලයින් බේරා ගැනීමට සමත් වූ අතර, මෙසේ ‍බේරා ගනු ලැබුවේ අවුරුදු 24 ත් 30 ත් අතර වයස් වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

‍එමෙන්ම, දිවයින වටා පිහිටි වෙරළ තීරයන්හි සුන්දරත්වය විද ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව සඳහා පැය 24 පුරා නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවිමට නාවික හමුදාව කටයුතු කර ඇත.