ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ නව ආඥාපති වශයෙන් කපිතාන් චන්දිම සිල්වා වැඩ භාර ගනී

කපිතාන් චන්දිම සිල්වා අද (ජූලි 17) ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ 24 වන ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනමමින් නව ආඥාපති ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනය වෙත පිළිගත් අතර, හිටපු ආඥාපති කොමදෝරු අරුණ ධනපාල විසින් ආඥාපති ධූරයේ රාජකාරීන් එතුමන් වෙත නිසියාකාරව භාර දිමට කටයුතු කරන ලදී. ඒ අනුව හිටපු ආඥාපති වෙත ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී. තවද, කොමදෝරු අරුණ ධනපාල දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් මේවන විට කටයුතු කරමින් සිටි.

ඉන් අනතුරුව, අභිනව ආඥාපතිතුමන් විසින් ශ්‍රිලංනානෞ නිපුණ ආයතනයට අනුයුක්ත නිලධාරීන් ඇමතූ අතර, එහිදී එතුමා නිලධාරීන්, පුහුණුව ලබන නාවිකයින්, උපදේශකයින් සහ අනෙකුත් නාවික පුද්ගලයින්ගේ යහපත් හැසිරීම මෙන්ම විනය පවත්වාගෙන යාම පිළිබඳව උපදෙස් රැසක් ලබා දෙන ලදී.