නැමීබියානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

නවදිල්ලියේ පිහිටි නැමීබියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන බ්‍රිගේඩියර් ටයිටස් සයිමන් අද දින (ජුලි 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.

එහිදී, ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.