දේශිය මත්පැන් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 19 වන දින යාපනය, පුටුක්කාඩු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශිය මත්පැන් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් පුටුක්කාඩු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිවසක් තුල සඟවා තිබී දේශිය මත්පැන් බෝතල් 10 සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ‍මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී, නාවික හමුදාව සිදු කල වැඩිදුර විමර්ශනයේදී ඔවුන් ලඟ තිබී මුව මස් කිලෝග්‍රෑම් 03 ක් ද සොයා ගැනීමට සමත් විය.

නාවික හමුදා බාරයට ගත් කාන්තාව වයස අවුරුදු 46 වන වියෙහි පසුවන අතර, පිරිමි පුද්ගලයා 30 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් කාන්තාව, පිරිමි පුද්ගලයා, මත්පැන් සහ මුව මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය, සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.