බීඩිකොළ කිලෝග්‍රෑම් 190 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 20 වන දින කල්පිටිය, පරාමුනේ වෙරළ තීරයේදී බීඩිකොළ කිලෝග්‍රෑම් 190 ක් සොයා ගැනේ.

A ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය, පරාමුනේ වෙරළ තීරයේදී පාර්සල් 04 කින් යුත් බීඩී කොළ කිලෝග්‍රෑම් 190 ක් සොයා ගෙන ඇති අතර, මෙම බීඩී කොළ තොගය වෙරළ තීරයට ගොඩගසා තිබියදි මෙලෙස නාවික හමුදාව සොයා ගෙන ඇත. සොයා ගන්නා ලද බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

තවද, එම විධානයටම අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 19 වන දින පුත්තලම, එරම්බුගොඩැල්ල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි ද වෙරළේ අතහැර දමා ගොස් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 980 ක් සොයා ගැනීමට සමත් වූ අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.