හම්බන්තොට, සමගිපුර පිහිටි පොකුණු පවිත්‍ර කිරීමට නාවික හමුදා සහාය

හම්බන්තොට, සමගිපුර පිහිටි පොකුණු පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2019 ජූලි 18 වන දින හම්බන්තොට මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.

හම්බන්තොට මහ නගර සභා සීමාවට අයත් පොකුණු කිපයක් ඇති අතර, මෙම පොකුණු තුළට කසළ ඒකරාශි වීම හේතුවෙන් පොකුණු ආශ්‍රිතව විශාල පාරිසරික සහ සෞඛ්‍ය ගැටලුවක් මතුවී තිබුණි.

ඒ අනුව, මෙම වැඩසටහනට සහභාගී වූ කම්කරු මහත්ම මහත්මීන්ගේ ජීවිත ආරක්ෂාව සදහා හම්බන්තොට නාගරික කොමසාරිස්තුමාගේ ඉල්ලීම පරිදි නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් මෙන්ම යාත්‍රා මෙම වැඩසටහන සඳහා අනුයුක්ත කරන ලදී.

තවද, පෞද්ගලික සහ රාජ්‍ය මෙන්ම ස්වේච්ජා සංවිධාන විසින් සංවිධානය කරනු ලබන මෙවැනි සමාජ සත්කාරක වැඩසහන් සඳහා නාවික හමුදාව අත්වැල් බැඳගනිමින් සිය උපරිම දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.