නීල හරිත සංග්‍රාමයේ තවත් මෙහෙවරක් දකුණු නාවික විධානයේ ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් අද (ජූලි 20) පවත්වන ලදි.

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් සුරක්‍ෂිත කර ගැනීමේ අරමුණින් නිරන්තරයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ අනුව දකුණු නාවික විධානයට අයත් නාවික ස්ථාන ගතකිරීම ‘හම්බන්තොට’ සහ නාවික අනුඛණ්ඩ ‘අමදුව’ යන ආයතනයන්හි නිලධාරින් හා නාවිකයින්ගේ සහභාගීත්වයෙන් හම්බන්තොට, වැල්ලවත්ත ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරය සහ ‘අමදුව’ නාවික අනුඛණ්ඩය ඉදිරිපිට වෙරළ තීරයන් මෙලෙස පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකි විය. එහිදී වෙරළ තීරයන්හි විසිරි තිබූ ප්ලාස්ටික් සහ පොලිතින් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

තවද, සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.