අවසරපත් නොමැතිව වැලි පැටවූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ 2019 ජූලි 20 වන දින සිදු කළ වැටලිමකදි අවසරපත් නොමැතිව වැලි පැටවු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කරන ලද වැටලිමකදි අවසරපත් නොමැතිව මහවැලි ග‍ඟේ වැලි පටවමින් සිටියදි මෙලෙස මෙම පුද්ගලයින් දෙදෙනා (02) නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එහිදී, ඔවුන් සතුව තිබී ලොරි රථ 02 ක්, වැලි කියූබ් 03 ක් සහ වැලි පැටවිමට යොදා ගන්නා සවලක් ද නාවික හමුදාව භාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ලොරි රථ සහ වැලි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතුර්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නීති විරෝධී වැලි ගොඩදැම්ම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැලැක්වීම සඳහා නීති විරෝධී ලෙස ගොඩදැමිමේ කටයුතු සිදු කරනු ලබන වැලි ජාවාරම්කරුවන් නීතියේ රැහනට හසුකර ගැනීමට නාවික හමුදාව නිරන්තර වැටලිම් සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන අතර, එමඟින් පරිසරය සුරැකීම සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයනු ලබයි.