හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 21 වන දින ගාල්ල, කතලුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 820 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ හියාරේ, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් එක්ව ගාල්ල, කතලුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මෙම හෙරොයින් ලඟ තබා ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, මෙම හෙරොයින් ප්‍රමාණය අලෙවි කිරීම සඳහා සුදානමින් සිටියදි මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා අහංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අහංගම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

එමෙන්ම, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර, මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම උදෙසා නාවික හමුදාව සිය මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පුළුල් කර ඇත.