වැදගත් සිදුවීම්
නාවික හමුදා මෙහෙයුමකින් තවත් බීඩිකොළ තොගයක් සොයා ගැනේ
![](../assets/images/news/event_news/front_img/201907221835.jpg)
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 21 වන දින මන්නාරම, තාල්පාඩු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩිකොළ තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.
22 Jul 2019
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ
![](../assets/images/news/event_news/front_img/201907221810.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (ජුලි 22) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.
22 Jul 2019
නික්ම යාමට නියමිත ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/201907221740.jpg)
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කපිතාන් අට්සුහිරෝ මොරොරෙ අද දින (ජූලි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.
22 Jul 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 70 ක් නාවික හමුදාව සොයා ගැනේ
![](../assets/images/news/event_news/front_img/201907220935.jpg)
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 21 වන දින කල්පිටිය, බත්තලන්ගුංඩුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 70 ක් සොයා ගෙන ඇත.
22 Jul 2019
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
![](../assets/images/news/event_news/front_img/201907220855.jpg)
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 21 වන දින ගාල්ල, කතලුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 820 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
22 Jul 2019