නික්ම යාමට නියමිත ජපාන ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කපිතාන් අට්සුහිරෝ මොරොරෙ අද දින (ජූලි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.

එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, නික්ම යන ආරක්‍ෂක උපදේශකතුමන් ශ්‍රී ලංකාවේ රැඳි සිටි කාලය තුල තමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් නාවික හමුදාධිපතිතුමන් වෙත කෘතඥතාවය පල කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්විම් ලබා පැමිණි ලුතිනන් ගකු ෆුකව්රා ද සහභාගිවී සිටියහ. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් කපිතාන් අට්සුහිරෝ මොරොරෙ සහ ලුතිනන් ගකු ෆුකව්රා වෙත සමරු තිළිණයන් ද ප්‍රදානය කරන ලදී.