නාවික හමුදා මෙහෙයුමකින් තවත් බීඩිකොළ තොගයක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 21 වන දින මන්නාරම, තාල්පාඩු වෙරළ තීරයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදි බීඩිකොළ තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, තාල්පාඩු වෙරළ තීරයේ සිදුකළ සෝදිසි කිරීමකදී පාර්සල් 32 ක බහා තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1006.9 ක් සමඟ සැක කටයුතු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 27, 34, 36, 39 සහ 41 වියෙහි පසුවන පේසාලේ සහ ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත. මෙම බීඩී කොළ තොගය මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී .

ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 24000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.