චාවකච්චේරිය, නගර් කෝවිල් වලින් පැති බෝම්බයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් චාවකච්චේරිය, නගර් කෝවිල් ප්‍රදේශයේ 2019 ජූලි 22 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුමකදි ජීවි පැති බෝම්බයක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නගර් කෝවිල්, අලුදුමත්තුවාල් ප්‍රදේශයේ බෝක්කුවක් අසල තිබී මෙම ජීවි පැති බෝම්බය සොයා ගෙන ඇති ‍ අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව, පොලිසිය වෙත දැනුම්දිමට කටයුතු කර ඇත.

තවද, මෙම පැති බෝම්බය සටන් පැවැති සමයේ ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ.