දික්ඕවිට සහ නොරොච්චොලේදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 24 වන දින දික්ඕවිට සහ පුත්තලම යන ප්‍රදේශයන්හී සිදු කළ සෝදිසි කිරීම්වලදි මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් 2019 ජූලි 23 වන දින වත්තල, දික්ඕවිට සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයින් සිව්දෙනෙකු (04) පරික්‍ෂා කර ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබි කේරළ ගංජා ග්‍රෑම් 10 ක් සොයා ගැනීමට සමත්ව ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් හලාවත සහ මිගමුව ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 20 ත් 38 ත් අතර වියෙහි පසුවන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

තවද, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් 2019 ජූලි 23 වන දින පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි ද සැක කටයුතු පුද්ගලයෙකු පරික්‍ෂා කර ඇති අතර, එහිදී ඔහු සතුව තිබි කේරළ ගංජා මිලිග්‍රෑම් 305 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 34 ක් සොයා ගැනීමට සමත්ව ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 36 වන වියෙහි පසුවන මාම්පුරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා පිළිවෙලින් වත්තල පොලිසිය සහ නොරොච්චොල පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.


වත්තල, දික්ඕවිට ප්‍රදේශයේදී ‍සිදු කළ සෝදිසි මෙහෙයුම


පුත්තලම, කරඹ ප්‍රදේශයේදී ‍සිදු කළ සෝදිසි මෙහෙයුම