බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ කෝමාරිකා පැළ තොගයක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 24) අළුයම පේසාලේ මුහුදු තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදි බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ කෝමාරිකා පැළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී බලපත්‍ර රහිතව කෝමාරිකා පැළ මුහුදු මඟින් ප්‍රවාහන කරමින් සිටියදි මෙම පුද්ගලයින් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එහිදී කෝමාරිකා පැළ කිලෝග්‍රෑම් 618 ක් පමණ හමුවී ඇත. ඒවා උර 22 ක් තුළ බහා ඩිංගි යාත්‍රාවක් මඟින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස නාවික හමුදා බාරයට පත්ව ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 32 සහ 47 වන වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරු‍වන් බව හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයින්, කෝමාරිකා ‍පැළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිලාවතුර, අඩවි වන සංරක්‍ෂණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.