නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 24 වන දින ත්‍රිකුණාමලය, නෝර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, නෝර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි මසුන් ඇල්ලීම සඳහා නීති විරෝධි දැලක් භාවිතා කර ඇති බව නිරික්‍ෂණය කර ඇති අතර, සිදු කල වැඩිදුර විමර්ශනයේදී එම තහනම් දැල භාවිතා කරන ලද පුද්ගලයා නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට පත් පුද්ගලයා වයස අවුරුදු 30 වන වියෙහි පසුවන මූතුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා සහ තහනම් දැල ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේනතුව හරහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.