දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක්

දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ උපදෙස් මත අද (ජූලි 27) එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘දක්ෂිණ’, ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘රුහුණ’ යන ආයතනයන්හි නිලධාරින් හා නාවිකයන්ගේ සහභාගීත්වයෙන් හබරාදුව, බුස්ස සහ තංගල්ල ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරය නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයක් බවට පත් කිරීමට හැකි විය.

තවද, සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි. එමෙන්ම සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.


බුස්ස ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන


හබරාදුව ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන