කේරළ ගංජා ලඟ තබා ගත් පුද්ගලයෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූලි 27 වන දින මාතර, වල්ගම ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ කොක්මාදූව, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව මාතර, වල්ගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රැම් 180 ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම කේරළ ගංජා ‍ප්‍රමාණය අලෙවි කිරීම සඳහා නිවසක් තුල සඟවා තිබියදී සොයා ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 23 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා ප්‍රමාණය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර, පොලිසිය වෙත භාරදිමට කටයුතු කරන ලදී. තවද, ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන හා අලෙවි කරනු ලබන පුද්ගලයින් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.