මුස්ලිම් අන්තවාදය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රීලංනානෞ ‘නිපුණ’ ආයතනයේදී

දකුණු නාවික විධානයට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් මුස්ලිම් අන්තවාදය පිලිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුලි 26 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව, දකුණු නාවික විධානය භාර ආඥපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ‘සම්ප්‍රදායික ශ්‍රි ලාංකික මුස්ලිම්වරුන් මුස්ලිම් අන්තවාදි පුද්ගලයන්ගෙන් බේරාගැනිම’ යන කාලින තේමාව යටතේ ලුතිනන් කොමාණ්ඩර් තාරක කොස්වත්තගේ සහ ලුතිනන් කොමාණ්ඩර් ප්‍රශාන් පෙරේරා යන නිලධාරින් විසින් දේශන පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර ආඥපති, දකුණු නාවික විධාන භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අරුණ ධනපාල, ශ්‍රිලංනානෞ ‘නිපුණ’ ආයතනයේ ආඥාපති, කපිතාන් චන්දිම සිල්වා ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් පිරිසක් සහාභාගිවී සිටියහ.