රුවන්වැලි සෑය අභියසදී පැවැති පිච්ච මල් පුජා මහෝත්සවය සඳහා නාවික හමුදා දායකත්වය

අනුරාධපුර, රුවන්වැලි සෑය අභියසදී 2019 ජූලි 27 වන දින පැවැති පිච්ච මල් පුජා මහෝත්සවය වෙනුවෙන් දායකත්වය ලබාදිමට සහ පැමිණි බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවිමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව, අනුරාධපුර, රුවන්වැලි සෑය අභියසදී ශාන්ති පදනම මඟින් වාර්ෂිකව පවත්වනු ලබන පිච්ච මල් පුජා මහෝත්සවය 30 වන වරටත් මෙවර විශාල සැදහැවතුන් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පවත්වන ලද අතර, ඒ සඳහා උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමාගේ උපදෙස් මත නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී වන ලදී. එමෙන්ම, පැමිණි බැතිමතුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අනුරාධපුර නගරය ආශ්‍රිත වැව් 04 ක ජිවිතාරක්‍ෂක කණ්ඩායම් ඇතුළුව ජිවිතාරක්‍ෂක යාත්‍රා යෙදවිමට ද නාවික හමුදාව කටයුතු යොදා තිබුණි.