උතුරු නාවික විධානය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

උතුරු නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ උපදෙස් මත අද (ජූලි 28) සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික අනුඛණ්ඩ ‘පේදුරුතුඩුවට’ අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පේදුරුතුඩුව, පාලම් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරය නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයක් බවට පත් කිරීමට හැකි විය.

තවද, සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.