මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (ජූලි 28) හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරීමකදි අයිස් සහ හෂිස් වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ පන්වැව, පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් එක්ව සිරිබෝපුර ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී පැකට් 08 ක අසුරා තිබූ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 860 ක් සහ පැකට් 02 ක අසුරා තිබූ හෂිස් වර්ගයේ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 360 ක් සමඟ මෙම පුද්ගලයින් දෙදෙනා නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, ‍මෙම පුද්ගලයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටියදි මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. තවද, නාවික හමුදාව සිදු කල වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයින් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කරුණු අනාවරණය කරගෙන ඇත.

නාවික හමුදා බාරයට පත් පුද්ගලයින් වයස අවුරුදු 19 ක් සහ 22 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා හම්බන්තොට, ‍පොලිසිය වෙත භාර දිමට කටයුතු කරන ලදී.

එමෙන්ම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම උදෙසා නාවික හමුදාව සිය සක්‍රිය දායකත්වය ලබා දෙමින් නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, ‍ඒ තුලින් පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහනට හසු කර දීමට නාවික හමුදාවට හැකිවී ඇත.