හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 28 වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයකදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයට ඇතුල්වී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් පිරිස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ටයර් ටියූබ් 01 ක් සහ තංගුස් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට පත් පුද්ගලයින් වයස අවුරුදු 18, 20, 24 සහ 31 වන වියෙහි පසුවන හම්‍බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ටයර් ටියූබය සහ තහනම් ධීවර දැල හම්බන්තොට, වරාය පොලිසිය වෙත භාරදිමට කටයුතු කෙරුණි.