නාවික හමුදා නිල වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘www.navy.lk’, ‍වෙබ් අඩවිය ‘Best Web 2019” තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස සම්මාන හිමිකර ගැනීමට සමත් වන ලදී.

ඒ අනුව, LK Domain Registry ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය වන ‘Best Web 2019” තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘www.navy.lk’, ‍වෙබ් අඩවිය නම් කර ඇති අතර, රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි අතරින් කුසලතා සම්මානයක් ද එහිදී හිමිකර ගැනීමට සමත් විය.

එමෙන්ම, 2018 වසරේදී ද, නාවික හමුදා නිල වෙබ් අඩවිය මෙම තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස මෙන්ම රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි අතරින් තෙවන ස්ථානය ලෙස ද සම්මාන හිමිකර ගැනීමට සමත් විය.