වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ ගජබා ආයතනයේ 22 වන සංවත්සරය නිමිත්තෙන් බෞද්ධාගමික වැඩසටහනක්

2019 ජූනි 26 වන දිනට යෙදි තිබූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනයේ 22 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන සෙත් පිරිත් සජ්ජායනාවක් හා දානමය පිංකමක් 2019 ජූලි 26 සහ 27 යන දිනයන්හි පැවැත්විණි.

29 Jul 2019

කිලිනොච්චිය, මැන්ඩකල් ආරු ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 28 වන දින කිලිනොච්චිය, මැන්ඩකල් ආරු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

29 Jul 2019

නාවික හමුදා නිල වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘www.navy.lk’, ‍වෙබ් අඩවිය ‘Best Web 2019” තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස සම්මාන හිමිකර ගැනීමට සමත් වන ලදී.

29 Jul 2019

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 28 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත.

29 Jul 2019

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 28 වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

29 Jul 2019