ශ්‍රීලංනානෞ ගජබා ආයතනයේ 22 වන සංවත්සරය නිමිත්තෙන් බෞද්ධාගමික වැඩසටහනක්

2019 ජූනි 26 වන දිනට යෙදි තිබූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනයේ 22 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන සෙත් පිරිත් සජ්ජායනාවක් හා දානමය පිංකමක් 2019 ජූලි 26 සහ 27 යන දිනයන්හි පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (නාසෙ) තුෂාර දීගල විසින් සධාතුක කරඬුව වැඩම වූ අතර, එම අවස්ථාව අලංකාර පෙරහැරකින් වර්ණවත් විය. සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයෙන් අනතුරුව, පසුදින ගරුතර සංඝයාවහන්සේලා 14 නමක් විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක් ද පැවැත්විණි. අනතුරුව සංඝයාවහන්සේලා විසින් මියගිය රණවිරුවන් හට පින්අනුමෝදන් කිරීමත්, ආබාධිත රණවිරුවන් සඳහා ඉක්මන් සුවය පැතීමත්, නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නාවික පුද්ගලයන් හට සෙත්පතමින් ආශිර්වාද කිරීමත් එහිදී සිදු කරන ලදී.

මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල ඇතුළු උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.