නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 30) අළුයම මුලතිව්, ගුරුකන්ද සහ කොකිලායි ප්‍රදේශයන්ට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ගුරුකන්ද සහ කොකිලායි ප්‍රදේශයන්ට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයන්හිදී සිදු කළ මුර සංචාරයන් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, අඩි 540 ක් දිගැති තහනම් දැලක් සහ නීති වි‍රෝධී ලෙස ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 255 ක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට පත් පුද්ගලයින් වයස අවුරුදු 29, 41 සහ 47 වන වියෙහි පසුවන පුල්මුඩේ සහ කොකිලායි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් දැල, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.