වැදගත් සිදුවීම්

නාවික හමුදා මෙහෙයුමකින් බිඩී කොළ තොගයක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් විසින් 2019 ජූලි 31 වන දින කච්චතිව් දූපත ආශ්‍රිතව සහ උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීම් වලදි බිඩී කොළ කිලෝග්‍රෑම් 50 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

31 Jul 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.5 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (ජූලි 31) යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.5 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

31 Jul 2019

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (ජූලි 31) නාවික හමුදා බාරයට ගන්නා ලදී.

31 Jul 2019

ගිනි නිවීම හා ආපදා මර්ධනය පිළිබඳව ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් ගාල්ල වරාය පරිශ්‍රයේදී

ගාල්ල ජාත්‍යන්තර වරායේ වරාය පහසුකම් හා ආරක්ෂාව සැපයීමේ යාත්‍රා වල සේවය කරන පුද්ගලයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ගිනි නිවීම හා ආපදා මර්ධනය පිළිබඳව ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් අද (ජූලි 31) ගාල්ල වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.

31 Jul 2019

නාවික හමුදා ජිවිතාරක්‍ෂක පුහුණු අභ්‍යාසයක් කිලාලී කලපුවේදී

ගංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්වයන්හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වූ පුහුණු අභ්‍යාසයක් 2019 ජූලි 30 වන දින කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය.

31 Jul 2019

‘Scorpion Shotgun’ තරඟාවලියේ ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව සමත්වෙයි

අන්තර්ජාතික ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය සංවිධානය කරන ලද ‘Scorpion Shotgun’ තරඟාවලිය 2019 ජුලි 26 වන දින සිට 28 වන දින දක්වා පානලුව, යුධ හමුදා වෙඩිපිටි‍යේදි පැවැති අතර, එහිදී නාවික හමුදා වෙඩිතැබීමේ සංචිතය ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට සමත් විය.

31 Jul 2019