කොමාණ්ඩර් සුදත් රන්තැන්න ශ්‍රීලංනානෞ ‘රණරිසි’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණරිසි’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සුදත් රන්තැන්න අද (අගෝස්තු 01) වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් ප්‍රදිප් කොඩිප්පිලි විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ද සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.