බිඩී කොළ කිලෝග්‍රෑම් 36 ක් සොයා ගැනේ

ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ පාවෙමින් තිබූ බිඩී කොළ කිලෝග්‍රෑම් 36 ක් 2019 අගෝස්තු 02 වන දින ධීවරයින් විසින් සොයාගෙන ඇති අතර, ඔවුන් විසින් එම බීඩි කොළ තොගය ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘වසභ’ ආයතනය වෙත භාර දීමට කටයුතු කර ඇත.

ඒ අනුව, ධීවරයින් විසින් නාවික හමුදාව වෙත භාර දෙන ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී. එමෙන්ම, නාවික හමුදා පුද්ගලයින් විසින් 2019 ජූලි 31 වන දින කච්චතිව් දූපත ආශ්‍රිතව සහ උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීම් වලදී ද බිඩී කොළ කිලෝග්‍රෑම් 50 ක් සොයා ගැනීමට සමත් විය.

තවද, නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන මෙහෙයුම් සඳහා ධීවරයින් විසින් ද මෙවැනි යහපත් ප්‍රතිචාර දැක්වීම තුලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වන අතර, එමඟින් මත්ද්‍රව්‍ය වලින් තොර යහපත් සමාජයක් බිහි කිරීමට අවස්ථාව උදාවනු ඇත. එමෙන්ම, සාගරය භාවිතා කරමින් සිදු කරනු ලබන ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.