නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා රුසියාවේ නිල සංචාරයක නිරත වෙයි

රුසියානු නාවික හමුදාව විසින් සිදු කල ආරාධනයකට අනුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 ජූලි 27 වන දින සිට ජූලි 30 වන දින දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත වන ලදී.

මෙම නිල සංචාරය අතරතුර රුසියානු නාවික හමුදාව විසින් ශාන්ත පිටර්ස්බර්ග් නුවර කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන නෞකා ආචාර පෙළපාලිය නැරඹිමට ද නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා එක් වූ අතර, එය රුසියානු නාවික හමුදාව විසින් සාගරය ආශ්‍රිතව පවත්වනු ලබන විශාලතම නෞකා ආචාර පෙළපාලිය ලෙස සැලකේ.

තවද, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ රුසියානු නාවික හමුදාධිපති, අද්මිරාල් නිකොලායි ඒ එච්මෙනෝව් හමු වී දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගිතාවයන් තවදුරටත් වර්ධනය කරගත හැකි අවස්ථා පිළිබඳව දිර්ඝ වශයෙන් කරුණු සාකාච්ඡා කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.

එමෙන්ම, ශාන්ත පිටර්ස්බර්ග් නුවර නාවික කෞතුකාගාරය, නෞකාවන් ඇතුළු වැදගත් ස්ථාන කිහිපයක් නැරඹිමට ද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා එක්විය.