පානම කළපුවේදී අනතුරට පත් විදේශිය ජාතිකයෙකු හට නාවික හමුදාව ප්‍රථිකාර කෙරේ

ආරුගම්බේ, පානම කළපුවේ විනෝදය පිණිස දියමත ලිස්සා යෑම නොහොත් සර්පින් ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් විදේශීය පුද්ගලයෙකු හට 2019 අගෝස්තු 02 වන දින නාවික හමුදාව විසින් ප්‍රථිකාර කරන ලදී

අරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි මෙම විදේශීය පුද්ගලයා විනෝදය පිණිස පානම කළපුවේ දියමත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී අනතුරට පත්ව ඇත. එහිදී එම විදේශිය පුද්ගලයා නිරීක්‍ෂණය කළ පානම කළපුව ප්‍රදේශයේ අවට ජිවිතාරක්‍ෂක රාජකාරියෙහි නියුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්‍ෂක නාවිකයින් පිරිසක් විසින් ක්‍ෂණිකව ක්‍රියාත්මක වී එම පුද්ගලයාව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

මෙම අනතුර හේතුවෙන් එම පුද්ගලයාගේ හිස ප්‍රදේශයට තුවාල සිදුව තිබූ අතර, නාවික හමුදා පුද්ගලයින් විසින් ඔහු විධාන නාවික රෝහල (ගිණිකොන) වෙත ඇතුලත් කිරීමට කටයුතු කරන ලදී. අනතුරුව නාවික හමුදා වෛද්‍යවරුන් විසින් ‍ප්‍රථිකාර කිරීමෙන් අනතුරුව සන්ධ්‍යාවේ රෝහලෙන් පිටත් කර යැවිමට කටයුතු කරන ලදී.

මෙසේ ‍බේරා ගනු ලැබු පුද්ගලයා වයස අවුරුදු 30 ක් පමණ වන ඇලෙක්ස් නැමැති රුසියානු ජාතික පිරිමි පුද්ගලයෙකි.