තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් අනුරාධපුර, ගල්කුලම ප්‍රදේශයේ පිහිටි ශ්‍රි බෝධිමඵව විහාර පරිශ්‍රයේදී 2019 අගෝස්තු 03 වන දින රියර් අද්මිරාල් (විශ්‍රාමික) ලක්‍ෂමන් ඔබේසේකර ගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි.‍

‘Hope Project’ සංවිධානයේ මුල්‍ය පරිත්‍යාගයෙන් සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම ජල පිරිපහදු යන්ත්‍රය මඟින් ප්‍රදේශයේ ජනතාවගේ සහ පුද බිම වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම අපේක්‍ෂා කෙරේ. මෙම උත්සව අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුදත් කුරුකුලසුරිය සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් ඇතුළුව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, ඉදිරියේදී ද වකුගඩු රෝගය පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනිම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටී.