කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් එක්ව අද (අගෝස්තු 04) වෙත්තලකර්නි, මරදන්කේණි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10.4 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද සිදු කළ සෝදිසි කීරිමකදී සැක කටයුතු යතුරු පැදියක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී යතුරු පැදිය පරික්‍ෂාවට ලක් කිරීමේදී පාර්සල් 05 ක අසුරා තිබූ මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත.

යතුරු පැදියේ සිටි සැකකරු වයස අවුරුදු 38 වන වියෙහි පසුවන යාපනය, පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පලෙයි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.