ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය දක්ෂිණ මණ්ඩපයේ ශ්‍රවණාගරය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය දක්ෂිණ මණ්ඩපයේ ශ්‍රවණාගරය 2019 අගෝස්තු 04 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, එයර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපාධිපති, බ්‍රිගේඩියර් අදීප තිලකරත්න ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම සිසුන් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.

එමෙන්ම, මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් නාවික හමුදාධිපතිතුමා විසින් එම පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමට ද කටයුතු කරන ලද අතර, ශ්‍රවණාගාරය ඉදිකිරීමේ කටයුතු සඳහා දායකත්වය දක්වන ලද නාවික පුද්ගලයින් සමඟ සුහද පිළිසඳරක යෙදිමට ද නාවික හමුදාධිපතිතුමා කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ තාක්‍ෂණය හා හැකියාව උපයෝගි කර ගනිමින් නිර්මණය කර ඉදිකරන ලද මෙම ශ්‍රවණාගාරයේ සිසු සිසුවියන් විශාල පිරිසකට එකවර අසුන්ගත හැකි අතර, එය සියලු පහසුකම්වලින් සමන්විතය.