කොමාණ්ඩර් චන්දන පාවුළුගේ ශ්‍රීලංනානෞ ‘අභීත II’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග අවි යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා අභීත II’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් චන්දන පාවුළුගේ අද (අගෝස්තු 05) වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් ශානක ජයතිලක විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘අභීත II’ නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි. ශ්‍රීලංකා නාවික නෞකා රංගල ආයතනයේ පැවති එම භාර දීමේ/භාර ගැනීමේ උත්සව අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා ද සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.