වැදගත් සිදුවීම්

කොමාණ්ඩර් චන්දන පාවුළුගේ ශ්‍රීලංනානෞ ‘අභීත II’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග අවි යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා අභීත II’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් චන්දන පාවුළුගේ අද (අගෝස්තු 05) වැඩ භාර ගන්නා ලදී.

05 Aug 2019

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය දක්ෂිණ මණ්ඩපයේ ශ්‍රවණාගරය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය දක්ෂිණ මණ්ඩපයේ ශ්‍රවණාගරය 2019 අගෝස්තු 04 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි.

05 Aug 2019

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 අගෝස්තු 04 වන දින උදැසන පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

05 Aug 2019

කොමාණ්ඩර් අනුර ද සොයිසා ශ්‍රීලංනානෞ ‘රණජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග අවි යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) අනුර ද සොයිසා අද (අගෝස්තු 05) වැඩ භාර ගන්නා ලදී.

05 Aug 2019