කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් එක්ව 2019 අගෝස්තු 06 වන දින චාවකච්චේරි, කොඩිකාමන් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 31.5 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද සිදු කළ සෝදිසි කීරිමකදී මාර්ගයේ තිබූ සැක කටයුතු පාර්සලයක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී එම පාර්සලය පරික්‍ෂාවට ලක් කිරීමේදී කුඩා පාර්සල් 15 ක අසුරා තිබූ මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් එක්ව සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා‍ තොගය අතහැර දමා සැකකරුවන් පළා ගොස් ඇති බවට සැක කරන අතර, සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොඩිකාමන්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.