නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 අගොස්තු 05 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අලම්පිල් ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, LED විදුලි බල්බ 04 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට පත් පුද්ගලයින්, ධීවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, විදුලි බල්බ සහ අනෙකුත් ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.