නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 අගොස්තු 06 වන දින මුලතිව්, නයාරු මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් විසින් නයාරු මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයා නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයා තල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, විදුලි බල්බ 05 ක් සහ ජෙනරේටර් 01 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට පත් පුද්ගලයා, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, විදුලි බල්බ, ජෙනරේටරය සහ අනෙකුත් ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.